මේ ආදරයයි Episode 273 සිංහල (2015

 මේ  කොටස පටන් ගන්නේ ශගුන් රමන් දිහා බලන් ඉන්න 


මේ  කොටස පටන් ගන්නේ ශගුන් රමන් දිහා බලන් ඉන්න අවස්ථාවකදීය.ශගුන් මහා අපොහොසත් කතාවක් කියනවා. ශගුන් හිතන් ඉන්නේ රමන් තාම එයාට ආදරෙයි, රමන්ට එයාව අමතක කරන්න බෑ කියලා. රමන් ඉෂිතගේ නම නොකියපු එක ගැන ශගුන් පුදුම වෙනවා. මේ අතරේ අශෝක්ට කේන්ති ගිහින් ශාගුන්ගෙන් අහනවා ඔයා ආයෙත් රම්න්ව බදිනවද කියලා, ශගුන් අහනවා අශෝක්ගෙන් මොකක්ද ඔයාට වෙලා තියෙන්නේ අශෝක් කියලා.මිස්ටර් බල්හා තොශිගෙන් අහනවා රමන් මොන විකාරයක්ද ඇර කියවන්නේ කියලා, ඉෂිතා ගොඩක් දුකෙන් ඉන්නවා. තොෂි සහ අනිත් අය රමන් කියපු දේට දුක් වෙනවා.මනි ඉෂිතාගෙන් අහනවා රමන්ට මොකද වෙලා තියෙන්නේ, එයා හැමෝම ඉස්සරහා ඔයාට අපහාස කරා, එයා දන්නේ නෑ ඔයා මේ තනතුර පිටිපස්සේ හිටියා කියලා,එයා මේක දැනගන්න ඕනේ කියලා මනි කියනවා.

ඉෂිතා අඩමින් එපා කියලා කියනවා, මට මොකුත් දැනගන්න ඕනේ නෑ, එයා මට අපහස කළා ඒක එයාට සතුටක් ගෙන දෙන්න ඇති, ඒත් මම රමන්ට ආදරෙයි, එයා මගේ දුවගේ තාත්තා, රමන් එහෙම කියන්න හේතුව මොකක්ද කියලා මම දන්නේ නෑ, මම ඒක ගණන් ගන්නේ නෑ. මම හොඳින් මනි කියලා ඉෂිතා මනිට කියනවා. රමන් ඒ දෙන්න දිහා කේන්තියෙන් බලනවා. මනි ඉෂිතගේ අත් දෙක අල්ලාගෙන ඔයා හොඳින් නෙමෙයි ඉන්නේ ඉශු කියලා කියනවා.ඉෂිතා කියනවා මෙතන කතාකරන්න සුදුසු තැනක් නෙමෙයි,මට තනියම ඉන්න ඕනේ කියලා,ඉෂිතා යනවා. ඉෂිතා එලියට ඇවිත් හොඳටම අඩනවා. මේ අතරේ මිසිස් වෙර්මාගෙන් ඉෂිතට එමජනිසි call එකක් එනවා.ඉෂිතා අඬ අඬ car එකේ ක්ලිනික් ඒකට යනවා.

මේ අතරේ රමන් හොඳටම බිලා ඉෂිතා දුන්නු ගෝල්ඩ් bracelet එක ගලවලා විසික් කරනවා. ඉෂිතා ක්ලිනික් ඒකට ඇවිත් මුරකාරයට කෑ ගහනවා, ක්ලිනික් එක වැහුවේ ඇයි දැන් හදිසි ලෙඩෙක් එනවා කියලා. මේ අතරේ මිසිස් වෙර්මා ඉෂිතට call කරලා  කියනවා බන්ටි දැන් නිදි මම හෙට උදේට එන්නම් කියලා. ඉෂිතට ඒක අහලා හොඳටම කේන්ති යනවා..මනි එනකොට ඉෂිතා අඩන සද්දේ ඇහෙනවා. මනි කියනවා ඉෂිතා මට ඔයත් එක්ක කතා කරන්න ඕනේ කියලා. ඉෂිතා කියනවා දැන් මම යනවා මට කතා කරන්න ඕනේ නෑ කියලා, ඉෂිතා මුරකාරයට කියනවා lights ඔෆ් කරන්න කියලා. මිස්ටර් බල්හාට කේන්ති යනවා රමන් ඉෂිතට කරපු දේට.


මේ අතරේ රමන් මත්පැන් පානය කරමින් ඉෂිතා ගැන හිතනවා. රමන්ට ඒ දෙන්නගේ weddin එක මතක් වෙනවා. රමන් අඩනවා. රමන් හිතනවා ඉෂිතත් ශගුන් වගේ කියලා. රමන්ට තේරෙනවා මේක ලොකු ප්‍රශ්නයක් කියලා. එයාට ඉෂිතත් එක්ක මේ ප්‍රශ්නේ ගැන කතා කරන්න හිතෙනවා. ඒත් ඉෂිතා එතන නැති හින්දා රමන්ට දුක හිතෙනවා රමන්ට ඉෂිතා දුන්න bracelet එක මතක් වෙලා වෙටර්ලට කියනවා ඒක හොයන්න කියලා. රමන් ඒ විසිකරපු bracelet එක හොයන්න මුළු හොටෙල් එකම කණපිට හරවනවා. රමන් des පුටු ඔක්කොම පෙරලලා අන්තිමේදී bracelet එක හොයාගෙන ඒක දිහා බලාගෙන අඩනවා.

මේ අතරේ රමන්ලා හිටපු bulding එක ගිනි ගන්නවා. bulding එකේ ඔක්කොමලා එලියට ඇවිත් bulding එක දිහා බල බලා කෑ ගගහා අඩනවා. මේ අතරේ ඉෂිතා bulding එක ගිනිගන්නවා දැකලා රුහිව හොය හොයා කලබල කරනවා. ඉශුගේ අම්ම කියනවා රූහි බාලගේ ගෙදර හොඳින් ඉන්නවා කියලා. මේ අතරේ රමනුත් එතනට එනවා. රමන්ගෙන් මිහිර් අහනවා ඉෂිතට අර ඔක්කොමලා ඉස්සරහා අපහස කලේ ඇයි කියලා, රමන් කියනවා මට දැන් ඒක ගැන කතා කරන්න ඕනේ නෑ.. මගෙන් අහන්නත් එපා කියලා රමන් මිහිරට කේන්තියෙන් කියනවා.

Comments